21102025Tue
Last update:Fri, 10 Oct 2025

බස්නාහිර අයවැය ඒකමතිකව සම්මතයි

bsnaahir ayvaeyබස්නාහිර පළාත් සභාවේ අයවැය අද ඒකමතිකව සම්මත විය.

ඒ අනුව අයවැය සම්මත කර ගැනීමට බස්නාහිර පළාත් සභාව අද රැස්විය.

එහි දී ජනතා විමුක්ති පෙරමුණේ හා හෙළ උරුමයේ මන්ත්‍රීවරු ඊට එක්ව නොසිටියහ.

පසුගියදා ඉදිරිපත් කළ අයවැය ඡන්ද විමසීමේදී හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ අමාත්‍යංශවල වැය ශීර්ෂ පරාජයට පත්විය.

අනතුරුව බදාදා ඔහුගේ අමාත්‍යංශ මහ ඇමැති ඉසුරු දේවප්‍රිය යටතට පවරා ගැනිණි.

කෙසේ වෙතත් නිශාන්ත වර්ණසිංහ පැවසුවේ තම පක්ෂය සමග සාකච්ජා කොට ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.