17072024Wed
Last update:Wed, 08 May 2024

ජනතාවට දුන් මැතිවරණ පොරොන්දු නිසි ලෙසම ඉටු කරන බව ජනපති පවසයි

0214 1140x740 Dec182015 ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් වාචික මෙන්ම ලිඛිත පොරොන්දු නිසි ලෙසම ඉටු කරන බව ජනාධිපතිතුමා පවසයි.

ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු සුළගේ ගොස් ඇති බව පවසමින් දේශපාලන වේදිකාවේ, පාර්ලිමේන්තුවේ මෙන්ම මාධ්‍ය තුළ විවිධ ප්‍රකාශ සිදු කරමින් ආණ්ඩුව කඩා වැටෙන තුරු දින ගණින අයට තමා දේශපාලන වශයෙන් අනුකම්පා කරන බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 2344 දෙනෙකුට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ජී.එච්. බුද්ධදාස කි්‍රඩාංගණයේ අද (17) පෙරවරුවේ පැවති උත්සවය අමතමිනි.

2014 දෙසැම්බර් 17 වන දින එනම් අද වන් දිනක විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් රැකියා ස්ථීර කර දෙන ලෙස ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එදා පොදු අපේක්ෂකයා ලෙස එම ස්ථානයට ගොස් ඔවුන්ට දුන් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් මෙම ස්ථීර පත්වීම් ප්‍රදානය සිදු කෙරිනි.

රජයන් බලයට පත්වීම සහ මැතිවරණ පොරොන්දු ඉටු කිරීම අතර ගැටලූවක් එදා සිටම පැවතිය ද තම රජය මැතිවරණ ප්‍රකාශය තුළින් ජනතාවට ලබා දුන් පෙරොන්දු රටේ අනාගතය වෙනුවෙන් පැහැදිළි ලෙසම ඉටු කිරීමට කැපවී සිටින බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
ජනතාවගේ පෞද්ගලික තෘප්තිමත්භාවය ඇති කිරීම සදහා ජීවන වියදම් ගැටලූ විසඳීම, රැකි රක්ෂා මෙන්ම සමාජ ගැටලූවලට මුළුමනින්ම විසඳුම් ලබාදීමට මුල් මාස කිහිපය තුළ කිසිදු රජකට නොහැකි බව පැවසූ ජනාධිපතිතුමා ඉදිරි වසර කිහිපය තුළ එම වගකීම් නිසියාකාරයෙන්ම ඉටු කරන බව ද ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත කර ගැනීම අපේ රටේ පමණක් නොව ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් තැබූ ෙඓතිහාසික වාර්තාවක් බවද මෙහිදි පැවසු ජනාධිපතිතුමා දින 100 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මෙන්ම 19 වන සංශෝධනය සම්මත කර ගැනීමට ජාතික ආණ්ඩු සංකල්පය තුළ නව රජයට හැකිවූ බවද ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමා සංකේතාත්මකව පත්විම් ලිපි ප්‍රදානය කිරීමට ද එක් විය.

දීර්ඝ කාලයක සිට තමන් මුහුණ දුන් ගැටලූවට විසදුම් ලබාදීම පිළිබඳු විදුලිබල මණ්ඩලයේ සේවකයින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පි. පෙරේරා, පාර්ලිමේන්තු මන්තී්‍ර නලින් බණ්ඩාර, කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පී.එම්.එන්. බටගොඩ, විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

01 04 05