17072024Wed
Last update:Wed, 08 May 2024

වකුගඩු රෝගයට විසඳුම් සෙවීමට රජයට ඉටු කළ හැකි සෑම කාර්යයක්ම නොපිරිහෙළා ඉටු කරන බව ජනපති පවසයි.

0213 1140x586රජ රට අසරණ දුගී දුප්පත් ජනතාවගේ කඳුළු කථාව වන වකුගඩු රෝගයට විසඳුම් සෙවීමට රජයට ඉටු කළ හැකි සෑම කාර්යයක්ම නොපිරිහෙළා ඉටු කරන බව ජනාධිපතිතුමා පවසයි.

ඒ වෙනුවෙන් රජය සමග අත්වැල් බැඳගෙන සිටින විවිධ පරිත්‍යාගශීලින්ට සිය කෘතවේදිත්වය පළ කළ ජනාධිපතිතුමා මෙම ජාතික වගකීම ඉටු කිරීමට ඉදිරියේදී සියලූ පාර්ශවයන් රජය සමග එක්විය යුතු බවද ප්‍රකාශ කළේය.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සංවිධානය කරන ලද වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩමුළුවේ සමාප්තිය සනිටුහන් කිරිම සහ වකුගඩු රෝග නිවාරණ පාර්ශවකරුවන්ගේ මෙහෙයුම් එළි දැක්වීමේ අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ කොළඹ ගාලූ මුවදොර හෝටලයේදි පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

වකුගඩු රෝගයට ගොදුරුවන මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් සුවිශේෂි වැඩකොටසක් ඉටු කිරීමට පසුගිය මාස 10 තුළ රජය කැපවී කටයුතු කළ බවත් වකුගඩු රෝගය වැළැක්වීම, නිවාරණය, මර්ධනය මෙන්ම ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ වෛද්‍ය අංශ ශක්තිමත් කිරීම අද දීප ව්‍යාප්තව සිදු කෙරෙන බවත් ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

වෙළඳපළේ පවතින පානීය ජල බෝතල් වකුගඩු රෝග නිවාරණය සඳහා විසඳුමක් නොවන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍ර සවිකිරීමේ කටයුතු ඉදිරියේදී විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිඛෙන බව පැවසූ ජනාධිපතිතුමා කෘෂි කර්මාන්තය වෙනුවෙන් රසායනික ද්‍රව්‍ය භාවිතා කිරිමේදී වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

මැදිරිගිරිය තිස්සපුර, මැණික්හොරොව්ව ප්‍රදේශයේ පසුගියදා ජනාධිපතිතුමා කරන ලද සංචාරයේදී ප්‍රදේශයේ ජනතාව විසින් කරන ලද ඉල්ලීමක් අනුව මැදිරිගිරිය, තිස්සපුර ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැතිකරන ජල පද්ධතිය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පවරාදිමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර මැදිරිගිරිය රෝහල් පරිශ්‍රයේ ඉදිකරන ලද විශේෂ වකුගඩු රෝග නිවාරණ ඒකකය විවෘත කිරීමද ඒ හා සමගාමීව සිදු විය.

විවිධ පරිත්‍යාගශිලින් විසින් ජාතික වකුගඩු අරමුදල සඳහා කරන ලද මුදල් පරිත්‍යාගයන්ද මෙහිදී ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදුන් අතර ක්ලීන්කෝ ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හුසේෆා අක්බර් අමී මහතා හා අනුර විදානගමගේ මහතා විසින් රුපියල් මිලියන 05 ක මුදලක්ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන විසින් රුපියල් මිලියන 02 මුදලක්ද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලයනයක මුදලක් ද, ගාලූ මුවදොර හෝටලයේ සභාපති සංජීව් ගාඩ්නර් මහතා විසින් රුපියල් ලක්ෂ 54 ක මුදලක්ද ජාතික වකුගඩු අරමුදල වෙත පරිත්‍යාග කරමින් අදාළ චෙක්පත් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ වකුගඩු රෝගින් රෝහල වෙත රැගෙන යාම සඳහා සමාජ සංවර්ධන සංගමය විසින් බස් රථයක් පිරිනැමීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා වෙත එහි යතුර භාරදීමද මෙහිදී සිදු විය.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

01
//www.president.gov.lk/wp-content/uploads/2015/12/" alt="03" height="402" width="722">