19042025Sat
Last update:Tue, 07 Jan 2025

රවීට එරෙහිව තේරීම් කාරක සභාවක්

rvi Dec15මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගයේ චෝදනා සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා අද මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී ය.

ඒ මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රී වාසුදේව නානායක්කාරයොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම චෝදනා බොරුනම් මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානම් දැයි අග්‍රාමාත්‍යවරයා අදාළ විශ්වාසභංගය ඉදරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගෙන් විමසීය.

කෙසේ වෙතත් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවැසුවේ විශ්වාසභංගයට දිනයක් ලබාදෙන ලෙසයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට දිනයක් ලබාදෙන ලෙස කතානායකවරයාගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිදුකළ ඉල්ලීමත් සමග අද පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාතාවරණයක් හට ගත්තේය.

කෙසේවෙතත් මෙහිදි අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ අවස්ථාවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බැවින් විශ්වාසභංග විවාදයට ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.