17072024Wed
Last update:Wed, 08 May 2024

ජනපති සහ පාප් වහන්සේ හමු‍ව

mithri with pope francis1ශුද්ධොත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනාවක් මත රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත‍්‍රියේ එරට ෆියුමිසිනෝ ගුවන්තොටුපළට ලගා වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ගුවන් තොටුපළට පැමිණි ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මැතිණිය වතිකානුවේ නිල ධූරාවලි ප‍්‍රධානී ජෝස් බෙටර්න්කෝට්,ඉතාලියේ් ශ‍්‍රී ලංකා තානාපති දයා පැල්පොළ සහ වතිකානුව සදහා වූ තානාපති රවිනාත ආරියසිංහ යන අය විසින් පිළිගත් බව ද සදහන්.

ජනාධිපතිවරයා පිළිගැනීමට එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් පිරිසක්ද ගුවන් තොටපළට පැමිණ සිටි අතර ඔවුන් සමග ද ජනාධිපතිවරයා සමග කතා බහක නිරත වූ බව සදහන්.

අද එරට ශාන්ත ඩැමෙස්කෝ උද්‍යාංගනයේදීී ජනාධිපතිතුමා ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැ දැක පසුව වතිකානු රාජ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡාවකට එක්වීමට ද නියමිතයි.

අනතුරුව වතිකානු කෞතුකාගාරය සහ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුර නැරඹීමට ද නියමිතව ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයේ සදහන්.