17072024Wed
Last update:Wed, 08 May 2024

අතුරුදන් වූවන් පිළිබඳ සම්මුතියට අත්සන් කිරීමට තීරණය කළා

Wickremesinghepm2 Dec11බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලයේ දී තීරණය කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

 සිවිල් සමාජ පිළිබඳ කටයුතු කිරීමට වෙනම ඇමැතිවරයෙක් පත් කර තිබෙන බව ද සඳහන් කළ අගමැතිවරයා එම සිවිල් සංවිධානවලට රජය සමඟ කටයුතු කිරීමට යන්ත්‍රණයක් හදන ලෙස මනෝ ගනේෂන් ඇමැතිවරයාට අපදෙස් ලබා දුන් බව ද කීය.

 ඉදිරියේ දී පාසල්වල මානව හිමිකම් කටිටු ඇති කිරීම සඳහා කටයුතු කරන බව ද ප්‍රකාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳ යොවුන් පාර්ලිමේන්තුව සමඟ ද සාකච්ඡා කරන බව පැවැසූහ.මම මනෝ ගනේෂන් ඇමැතිවරයාට කීවා රජය සහ සිවිල් සංවිධානවලට කටයුතු කිරීමට යන්ත්‍රණයක් හදන්න කියලා. සිවිල් සමාජයන්හි දැනුම ද අප ප්‍රයෝජනයට ගත යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තිබෙනවා මානව හිමිකම් පිළිබඳ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කරන්න. පාසල්වල මානව හිමිකම් සමිති ඇති කරන්න. යොවුන් පාර්ලිමේන්තුව සමඟ ද මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

මිට ස්වල්ප මොහොතකට පෙර මාධ්‍ය සංවිධානයක් විසින් ලබා දුන් ලියවිල්ලේ අතුරුදන් වූ සහ ඝාතනය කරන ලඳ මාධ්‍යවේදීන් 44ක් පිළිබඳ සඳහන් වන බවත් වර්තමාණයේ කෑමොර දෙන බොහෝ සංවිධාන ඉහත සඳහන් අතුරුදහන් වීම් සහ ඝාතනයන් පිළිබඳ එදා කුමක් කළේ දැයි අගමැතිවරයා ප්‍රශ්න කර සිටියේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ(10) නිදහසේ වේදිකාව සහ සිවිල් සංවිධාන එකතුව පැවැත් වූ මානව හිමිකම් දින සමරුවට සහභාගි වෙමිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා-

මානව හිමිකම් දිනය වෙනුවෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ දී බලහත්කාරයෙන් අතුරුදන් වුවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන්න ශ්‍රී ලංකාව තීරණය කළා. එයට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා. ඉදිරියේ දී තවත් එක පියවරක් තිබෙනවා. තවත් ගිවිසුමක් තිබෙනවා.

මම මෙතෙන්ට පැමිණියාට පසු මාධ්‍ය සංසදයකින් ලිපියක් බාර දුන්නා. එතන හිටපු අයගෙන් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ අතුරුදන්වෙලා. රෙජීමයට එම සංඛ්‍යාව පනහ කරන්න බැරි වුණා. එම තත්ත්වය නැති කරන්නයි අප සියලු දෙනා එකතුවී මෛත්‍රිපාල ජනාධිපතිතුමාව පෙරට රැගෙන ආවේ. එතුමා යටතේ දැන් යහපාලනය ආරම්භ වෙලා. අද ජාතික ආණ්ඩුවක් ඇතිවෙලා. මේක රට ඉදිරියට ගෙන යාමට හොඳම අවස්ථාවක්. අද කොටසක් ප්‍රතිවිප්ලවයක් කරන්න හඳනවා. වර්ජනයෙන් විවිධ දේ කරන්න හදනවා. ඒ අය මේ මාධ්‍යවේදීන් ඝාතනය කරන විට, අතුරුදන් කරන විට කළේ මොකක්ද. අද බැංකු සංගම්වල උදවිය, වෛද්‍ය සංගම්වල උදවිය විවිධ දේ කියනවා. අවශ්‍යනම් අපත් ලැහැස්තියි පාරට බසින්න. අද මුළු ලෝකයම අප පිළිබඳ එක මතයකයි සිටින්නෙ. පසුගිය කාලයේ පැවැති ත්‍රස්තවාදයට ප්‍රභාකරන් වගකියන්න ඕනෙ. අඩු පාඩු කම් වැරදි අප හැම කෙනාගෙන්ම සිදුවෙනවා. හැබැයි රටේ සිදුවන දේවල සත්‍ය තත්ත්වය අප දැන ගත යුතුයි. විවිධ පුද්ගලයන්ව හංවඩු ගහන්න අවශ්‍ය නැහැ. අතුරුදන් වු පුද්ගලයන් පිළිබඳ සොයාබැලිමේ කාර්යාලයක් ඉතා වැදගත්. උතුරු- නැ‍ඟෙනහිර ඉඩම් ලබා දීම පිළිබඳ අප ජනවාරි මාසයේදීත් කටයුතු කරනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නයි උත්සාහය. ජනතාවට නිවාස ඉඩම් අවශ්‍යයි. අතීතයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා නිවාස ලබාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළා. මෙවැනි වැඩසටහන් පිළිබඳ ද අපගේ අවධාණය යොමුවිය යුතුයි.

පෙර තිබූ තත්ත්වයට වඩා වෙනත් වාතාවරණයකයි අද මෙම මානව හිමිකම් උත්සවය පවත්වන්නෙ. අද දින මෙහි පැමිණිලා සිටින කිසිවෙක් පසුගිය වර්ෂයේ සිතන්න නැතුවා ඇති අද පවත්වන මේ සමරුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වන්න හැකිවෙයි කියලා. වර්තමාන තත්ත්වය රටේ ඇති වුයේ බොහෝ දෙනකුගේ කැප කිරීම නිසයි. මෙවැනි තත්ත්වයක් ඇති කිරීම පිළිබඳ නිදහසේ වේදිකාවට, සිවිල් සංවිධාන එකතුවට මම ස්තුති වන්ත වෙනවා. මොවුන් නිසා තමයි මානව හිමිකම් පිළිබඳ කථිකාවත මෙතරම් ඉදිරියට පැමිණියේ. පසුගිය කාලයේ මොවුන්ට දේශද්‍රොහීන් කියල ද ඇතැමෙක් චෝදනා කළා.