17072024Wed
Last update:Wed, 08 May 2024

ප්‍රේමකීර්ති ද අල්විස් නිල වෙබ් අඩවිය ජනපති අතින් විවෘත කෙරේ

037 1140x403තුවක්කුකරුවෙකු විසින් ජාතියට අහිමිකළ ප්‍රේමකීර්ති ද අල්විස් වැනි නිර්මාණකරුවෙකු බිහිකරන්නට ගෙවී ගිය වසර 26 ක කාලය තුළ හැකියාව ලැබී නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

ප්‍රවීණ ගී පද රචකයකු මෙන්ම නිවේදකයකු ද වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සිහිපත් කරමින් ප්‍රේමකීර්ති ද අල්විස් නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ ,හද ගී පොතේ පද රස වින්දන, වර්ණ ප්‍රසංගය ඊයේ (10) පස්වරුවේ මහරගම යොවුන් රඟහලේදී පැවැත්වුණු අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

ගුණදාස කපුගේ කලාකරුවා සමග එක්ව ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයක් තිබේන බව රටට පෙන්නුම් කරන්නට එම යුගය තුළ විශාල සේවයක් ඉටු කළ නිර්මාණශීලි මිනිසෙකු ලෙස තමා ප්‍රේමකීර්ති ද අල්විස් මහතා හඳුනාගෙන සිටි බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

ප්‍රේමය, සෙනෙහස, දයාව හා මිනිස්කම ගැබ් වූ මහා මිනිස් පවුරක් පිළිබඳ කතාකළ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ නිර්මාණවලට ආදරය කළ මිනිසුන් එදා මෙන් අදත් ඔහුව ගෞරවයෙන් සිහිපත් කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

www.premakeerthidealwis.org වෙබ් අඩවිය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

ප්‍රේමකීර්ති ලියු ගී පද 200 ක් ඇතුළත් “නොසැලෙන ඉන්ද්‍රකීලයක් සේ සහ තවත් කවි” නම් කෘතිය එළිදැක්වීමද මෙහිදී සිදු විය.

අනතුරුව ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ,හද ගී පොතේ පද රස වින්දන, වර්ණ ප්‍රසංගය රසවිඳීමටද ජනාධිපතිතුමා එක් විය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක්ද, ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ, පුතණුවන් ඇතුළු පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.