17072024Wed
Last update:Wed, 08 May 2024

අමරදේවයන්ගේ ජන්ම දින සැමරුමට ජනපති එක්වෙයි

033 1140x1001පණ්ඩිත් අමරදේවයන්ගේ 88 වෙනි ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (05) පස්වරුවේ පවත්වන ලද “සසර වසනතුරු” සංගීත ප්‍රසංගය සදහා ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද එක්විය.

හෙළයේ මහා ගාන්ධාවයාණන් වන පණ්ඩිත් අමරදේව ශුරින් අද දවසේ පමණක් නොව මතු පරපරම්පරාවේද බහු මානයට පත්වන, විශ්ව කිර්තිය දිනූ හෘද සංවේදී සංගිතඥයෙකු බව ජනාධිපතිතුමා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

විද්වත් සහ රසික සමුහයක් ඉදිරියේ පැවති මෙම ප්‍රසංගයේදී අමරදේවයන් සමග ගීත ගායනයෙන්ද ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක්විය.

“සසර වසනතුරු ගී ” රස වින්දනයට විශේෂ ව්‍යාපෘති පිළිබද අමාත්‍ය සරත් අමුණුගම මහතා ඇතුළු රසික රසිකාවියන්, කලාකරුවෝ රැසක් සහභාගි වූහ.

“අමරදේව පදනම”  විසින් මෙම ප්‍රසංගය සංවිධානය කර තිබිණි.

081 300x1682x071 300x2432x061 300x1552x