17072024Wed
Last update:Wed, 08 May 2024

ඉතිහාසයේ පළමු වරට ජනපතිවරයෙක් වැය ශීර්ෂයට

msජනාධිපති ධුරයේ බලතල ඉවත් කිරීම සහ එම ධුරයේ බලතල පාර්ලිමේන්තුවට පැවරිමට ඉදිරියේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ ජනාධිපති වැය ශීර්ෂය ඇතුළු වැය ශීර්ෂ 22ක විවාදයට ඊයේ (03) එක්වෙමිනි. ඉතිහාසයේ ප්‍රථමවතාට ජනාධිපතිවරයකු ජනාධිපති වැය ශීර්ෂයේදී කථාකළ අවස්ථාව මෙය වේ.

ජනාධිපති ධුරයේ බලතල ඉවත් කිරිමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සඳහා සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව ශක්තිමත් කිරිමට ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කිරීමේ දී සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටින බවත් කී ජනාධිපතිවරයා මැතිවරණයට පෙර දුන් පොරොන්දු ඉටු කර මේ දක්වා කටයුතු කර ඇති බවත් කියා සිටියේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ගුවන් යානා  පාවිච්චි කිරීම තුළ පසුගිය දශකයේ රටේ ආර්ථිකයට ඇති වූ බලපෑම, වාර්ෂිකව කර තිබෙන වැය කිරීම, ඒ අසීමිත තත්ත්වය රටේ ජාතික ආර්ථිකයට උසුලන්නට බැරි ආකාරයකට සිදුවී තිබුණේ ඒ තත්ත්වයන් අපි වෙනස් කර තිබෙනවා. ඒ ආදර්ශය ගෙනත් තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ 1700ක් හිටපු කාර්ය මණ්ඩලය අඩු කර තිබෙනවා. වියදම් අඩු කර තිබෙනවා. පසුගිය රජය යටතේ අවමංගල්‍යය වියදම්වලිනුත් ගසා කා තිබෙනවා. මල්වඩමෙනුත් ගසා කාලා. අපි ඒ තත්ත්වය වෙනස් කළා. මම හිටපු ජනාධිපතිතුමාට දොස් කියන්නේ නෑ. කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීමේ දී ඔවුන් කරන්නේ කුමක් ද? කළේ කුමක්ද? සොයා නොබැලීම නිසා මල්වඩමෙනුත් ගසා කෑවා. ඒ නිසා දේශපාලන වශයෙන් පවිත්‍රභාවකින්, බලය බෙදීමේ පූර්ණ සංකල්පය මත ජාතීන් අතර මිත්‍රත්වය සහයෝගීතාව ගොඩනගමින්, ජාතික සංහිදියා පිළිවෙත කරමින් ඉදිරියේ දී මේ රටේ යුද්ධයක් ඇති වීම වළක්වමින් මේ රට සමෘද්ධිමත් ආර්ථිකයක් සමඟ නිදහස් රටක් ගොඩනගන්න මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අද සිටින ජනතාව වගේම හෙට උපදින දරුවා වෙනුවෙන් ඒ වගකීම හා යුතුකම අවංකව ඉටු කරනවා යැයි ද ජනධිපතිතුමා ප්‍රකාශ කළේය.