07062025Sat
Last update:Wed, 04 Jun 2025

යොවුන් පාර්ලිමේන්තුව අද

yovun paarlimeentuvතෙවෙනි යොවුන් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද මහරගම තරුණ සේවා සභාවේදී ආරම්භ වීමට නියමිතය.

ඒ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම යොවුන් පාර්ලිමේන්තුවට රටපුරා පිහිටි යොවුන් සමාජ නියෝජනය කරන තරුණ තරුණියන්ගේ ඡන්දයෙන් නියෝජිතයන් 160 ක් සහ විශ්වවිද්‍යාල, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් නියෝජිතයන් 65 දෙනෙකු තෝරාගෙන තිබේ.

මේ අනුව සභිකයන් 225කින් සමන්විත යොවුන් පාර්ලිමේන්තුවට අද දිනයේදී අග්‍රමාත්‍යවරයෙකු, කථානායකවරයෙකු සහ අමාත්‍ය මණඩලයක් පත් කරගැනීම සිදු වෙන අතර මෙවර මෙම සාම නියෝජිතයෙක්ට මතරුණ කටයුතු සිදු කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.