17072024Wed
Last update:Wed, 08 May 2024

විකල්ප බලශක්ති සදහා අවධානය යොමු විය යුතුයි

 rathanaපුනර්ජනනීය බලශක්තිය හා විකල්ප බලශක්ති සදහා ලෝකයේ බලවත් රටවල කඩිනම් අවධානය යොමු විය යුතු බව අතුරලියේ රතන හිමි පවසයි. 

ඒ පිළිබදව කඩිනම් අවධානයක් යොමු කිරීමට ලෝකයේ බලවත් රටවලවලට පැවරී ඇති වගකීම බවයි රතන හිමියන් පෙන්වා දෙන්නේ.

දේශගුණික විපර්යාස වැනි තත්ත්වයන් හේතුවෙන් මානව වර්ගයා මේ වන විට අභියෝග රැසකට මුහුණදෙමින් සිටින බව පෙන්වා දුන් උන්වහන්සේ ලොව බලවත් රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති දේශගුණික විපර්යාස පිළිබද සමුළුවේදී ඒ පිළිබද නිසි තීරණයක් ගත නොහැකි වුවහොත් මුළුමහත් මානව සංහතියටම දැඩි ඛේදවාචකයකට මුහුණදීමට සිදුවන බවද ප‍්‍රකාශ කළහ.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට අයත් රාජ්‍ය නායකයින් 150 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැරිස් නුවර පැවතී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුවෙන් අනතුරුව පැරිස් නුවර පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කළහ.

පුනර්ජනනීය බල ශක්තිය සහ පරිසර හිතකාමි බලශක්ති ප‍්‍රභවයන් මත පදනම් වන බවට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ බොහොම පැහැදිළිව සදහන් වන බව පෙන්වා දුන් උන්වහන්සේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළින් ඒ සදහා ප‍්‍රතිඥා දී ඇති බව ප‍්‍රකාශ කළේය.

වස විසෙන් තොර තිරසාර ගොවි ප‍්‍රතිපත්තියක් කරා ගමන් කිරීමට ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රමුඛ රජය තීර්ණය කොට ඇති බවද උන්වහන්සේ මාධ්‍ය හමුව අමතා වැඩිදුරටත් පැවසීය.

පොසිල ඉන්ධන හා ගල් අගුරු වලින් තොරව පුනර්ජනනීය බලශක්ති සදහා යාමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද සදහන් කළ උන්වහන්සේ මෙවර අයවැය තළින්ද එය ප‍්‍රකාශයට පත් කොට තිබෙන බව සදහන් කළහ.

මෙවර අයවැය යෝජනා තුළින් ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබා දීමට කටයුතු කර  ගොවි ජනතාව පරිසර හිතකාමී ක‍්‍රම සදහා පෙළඹවීමට ගත් තීන්දුවද මෙහිදි රතන හිමියන්ගේ ඇගයීමට ලක් විය. 

ලෝකයේ විකල්ප සංවර්ධන මාවතේ පරමාදර්ශය බවට ශී‍්‍ර ලංකාව පත්කර ගනිමින් ලෝකයට ආදර්ශයක් ලබා දීමට ශී‍්‍ර ලංකාව අපේක්ෂා කරන බවද උන්වහන්සේ මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ.