22102025Wed
Last update:Fri, 10 Oct 2025

ජෙනරාල් ඩල්බීර් සිං කොනේෂ්වරන් සංචාරයක

inidan camandarශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවි සිටින ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජෙනරාල් ඩල්බීර් සිං අද ත්‍රිකුණාමලය කොනේෂ්වරන් කෝවිලේදි විශේෂ දේව පුජාවකට සහභාගිවිය.

කලාපීය ආරක්ෂාව හා දෙරටේ ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කරගැනීමේ අරමුණෙන් පස්දින නිල සංචාරයකට පැමිණි ඉන්දිය යුධ හමුදා ප්‍රධානි ඩල්බිර් සිං සහ එම මහත්මිය ඊයේ ත්‍රිකුණාමලයට පැමිණියේය.

මෙම දේව පුජාවට නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජනක වල්ගම , 22 සේනාංකාධිපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා, 221 බලසේනාධිපති උදිත බණ්ඩාර යන අයද සහභාගි වුහ.

ජෙනරාල් ඩල්බින් සිං 1987/89 කාල වකවානු තුල ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දිය සාමසාධක හමුදාවේ කණිෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කර තිබුණි.

(ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද)