17072024Wed
Last update:Wed, 08 May 2024

රටේ ජාතික ආරක්ෂාවට හානිවන කිසිඳු ආකාරයේ පියවරක් ගන්නේ නැ – ජනාධිපති

0221 1140x482රටට දැඩි ලෙස ආදරය කරන තමා රටේ ජාතික ආරක්ෂාවට හානිවන කිසිදු ආකාරයේ පියවරක් නොගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුව සමග ඊයේ (29) රාති්‍රයේ පැවති හමුවකට එක් වෙමිනි.

 

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂවලට අයත් එරට වෙසෙන නියෝජිතයින්ද එක්ව සිටියහ.

ජාත්‍යන්තරයේදී පළුදු වූ ශ්‍රී ලාංකික නාමය ඉතාමත් යහපත් තත්ත්වයකට ගෙන ඒමට තමාට හැකිවූ බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අද ශ්‍රී ලංකාව ලෝකයේ හොඳ හිත දිනාගත් රටක් බවද ප්‍රකාශ කළේය.

මෝල්ටා රාජ්‍යයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව අතරතුර පැය 12 ක් වැනි කෙටි කාලයකදී ලෝකයේ ප්‍රබලතම නායකයින් වන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩි කැමරන්, ඕස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය මැල්කම් ටර්න්බුල්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට හැකිවීම ඊට කදිම නිදසුනක් බවද පැවසූ ජනාධිපතිතුමා එය ශී්‍ර ලාංකික ජනාධිපතිවරයෙකුට මෑත කාලයේ හිමි වූ ස්වර්ණමය අවස්ථාවක් බවද කියා සිටියේය.

එම රටවල් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ඇතිකරගෙන තිබූ අහිතකර තත්වයන් කිසිවෙකුට අමතක කළ නොහැකි බවද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයින් සියලූදෙනා මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කරන සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඉදිරි කාලය තුළ ලොව විදේශගත සියලූම ශ්‍රී ලාංකිකයින් හමුවීමට තමන් අපේක්ෂා කරන බවද කියා සිටියේය.

ජනවාරි 08 වෙනිදා රටේ සිදුවූ නව පරිවර්තනය සඳහා පෙළ ගැසුණු තමන් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස පත්වීම පිළිබදව ඉතා සතුටු වන බව ප්‍රකාශ කළ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගිය මාස කිහිපය තුළ ජනාධිපතිතුමා ගත් දේශපාලන තීන්දු තීරණවලින් එතුමා කෙරෙහි තිබු විශ්වාසය තවදුරටත් තහවුරු වූ බවද ප්‍රකාශ කළහ.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙලට සිය උපරිම සහය ලබා දෙන බවටද ඔව්හු ප්‍රතිඥා දුන්හ.

0130 Dec10423 Dec10519 Dec1