17072024Wed
Last update:Wed, 08 May 2024

ජනාධිපතිතුමා අද එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අමතයි

Presidential Media Unit Common Banner 1එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අද (30) උදෑසන පැරිස් නුවරදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එරට වේලාවෙන් අද ප.ව 3.00 පමණ සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට අයත් රාජ්‍ය නායකයින් 150 කට අධික පිිරිසක් සමුළුවට එක්ව සිටින අතර දශක 04 කට පසු මෙතරම් රාජ්‍ය නායකයින් පිරිසක් එකවර ප්‍රංශයේදී රැස්වන ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙයට පෙරද පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වී තිබෙන අතර ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා ලෙස මෙන්ම ජනාධිපතිවරයා ලෙස අද මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමුළුවට සහභාගීවීම වීම කැපී පෙනෙන සිදුවීමකි.