17072024Wed
Last update:Wed, 08 May 2024

විදේශිකයන්ට ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය ලිහිල් කර නෑ

ravi 2විදේශිකයන්ට මේ රටට ඇවිත් ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය,කිසිවිටකත් ලිහිල් කර නොමැති බවත් බිලියන දෙකකට වඩා වැඩි ආයෝජන රටට ගෙනඑන විදේශීය ආයෝජකයන් සියයට සියයේ බද්දෙන් නිදහස් කරන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා (28) පැවසීය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ විසර්ජන පනත් කෙටුම්පත් 2016 දෙවැනි වර කියවීමේ විවාදය අතරතුර අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා:-

විදේශිකයන්ට මේ රටට ඇවිත් ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය,කිසිවිටකත් ලිහිල් කර නෑ. ලිහිල් කර තිබෙන්නේ එක විදියකින්. ඕනෑම ආයෝජකයෙක් රුපියල් බිලියන 2කට වඩ අයෝජනගෙනාවොත් අපි සතුටෙන් ගෙවන්න තියෙන සියයට සීයේ බද්ධ ඉවත් කර තිබෙනවා. නැතිනම් සියයට සීයේ බද්ධ තිබෙනවා. මෙය මහින්ද රාජපක්ෂ රජය යටතේත් ක්‍රියාත්මක වූවක්. අපි දැන් එය කරන්නේ ඇමැති මණ්ඩලයේ අනුමැතිය මත විධිමත් භාවයෙන් යුතුවයි.

මෙහිදී රටට හෝ දේශීය ව්‍යවසායකයන්ට කිසිදු අසාධාරණයක් සිදුවන්නට අපි ඉඩ තබන්නේ නැහැ. අපි පුළුවන්තරම් දේශීය ව්‍යවසාකයන්ට ඉඩ ලබාදෙනවා. ඉන් රටට තිබෙන වාසිය බලනවා. ඒක අපි කැබිනට් එකට කියනවා. තනි තීන්දුවක් ගන්න කාටවත් අවස්ථාවක් නෑ. මෙය වැරදියට වටහා ගන්න එපා. කතා කළ හැම මන්ත්‍රීවරයකුගේම සංෂිප්ත වාර්තවක් ලැබී තිබෙනවා. රටට ඔබින ආර්ථිකයක් හදන එක සියලු දෙනාගේම වගකීමක්. මෙය අපේ රටට හදන අයවැයක්. හොඳ අදහස් අපි පාවිච්චි කරනවා.