17072024Wed
Last update:Wed, 08 May 2024

ජනපති මෝල්ටා රාජ්‍යවෙත ලඟා වෙයි

01 1 1140x759පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පස්වරුවේ මෝල්ටා රාජ්‍යය වෙත ළඟාවිය.

මෝල්ටා රාජ්‍යයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් මෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනාධිපතිතුමා පිළිගනු ලැබිණි.

හෙට (27) ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ධූරය මෝල්ටා අගමැති ජෝෂප් මස්කට් (^Joseph muscat) මහතා වෙත බාරදීමට නියමිතය.

 මේ අතර අද (26) පැවති පොදු රාජ්‍ය මණඩලයීය විදේශ අමාත්‍යවරුන්ගේ හමුව සදහා විදේශ අමාත්‍ය මංගල සමරවීම මහතා සහභාගී වූ අතර දක්ෂිණ සංවර්ධන සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා එහි පැවති ආර්ථීක සමුළුවට සහභාගී විය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය කුඩා රටවල් සඳහා වෙළෙඳ හා මූල්‍ය පහසුකම් සැපයීමට පොදු රාජ්‍ය මණ්ඩලයීය අරමුදලක් පිහිටුවන බවට මෝල්ටා මුදල් අමාත්‍ය එඩ්වර්ඩ් සීක්ලූනා(Edward Scicluna) මහතා එහිදී ප්‍රකාශ කළේය. මෙම අරමුදල ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, මුරුසිය හා මෝල්ටාව එක්ව සිටී.

2013 වසරේ කොළඹ දී පැවැත්වූ පොදු රාජ්‍ය මණඩලයීය රාජ්‍ය නායක සමුළුවිදීී නිකුත් කෙරුණු “කෝට්ටේ ප්‍රකාශනයෙන්” කරන ලද යෝජනාව පරිදි මෙම පියවර ගත් බව එඩ්වර්ඩ් සීක්ලූනා (Edward Scicluna) මහතා සඳහන් කළේය.

වෙළෙදාමේ ගලායාම ප්‍රවර්ධනය කිරීමට ප්‍රායෝගික පියවර ගැනීමට මෙම ප්‍රකාශනයෙන් යෝජනා කොට තිබු අතර පොදු රාජ්‍ය මණඩලයේ කුඩා රාජ්‍යයන් වෙළෙඳ ක්ෂේත්‍රයේදී මුහුණපාන ගැටළු මැඩපැවැත්වීම මෙයින් අපේක්ෂා කරයි.

මේ අතර පොදු රාජ්‍ය මණඩලයේ නව මහලේකම්වරයා ලෙස පත්කර ගත යුත්තේ කවරෙක්ද යන්න පිළිබදව සමුළුවට එක්වන සියළු දෙනාගේ අවධානය යොමු වී තිෙබි.

හෙටින් (27) ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ලබන 29 වැනිදා දක්වා පැවැත්වේ.