22102025Wed
Last update:Fri, 10 Oct 2025

අභිනවයෙන් ඉදිකළ සත් බුදුරජ ශ්‍රී සදහම් සෑය

gayanකරන්දෙණිය කොටවෙල ශ්‍රී සදහම් විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ සත් බුදුරජ ශ්‍රී සදහම් සෑයෙහි කොත් වහන්සේ නිරාවරණය කිරීමේ මහා පූජෝත්සවය පසුගියදා එම විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුවිණි. ගම්වාසී ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් ඉදි වුණු එම සත් බුදුරජ ශ්‍රී සදහම් සෑයෙහි කොත නිරාවරණය කිරීමේ පිංකම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාය. එම පූජෝත්සවය සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත ජයවීර , පළාත් මන්ත්‍රී අශෝක ධනවංශ, ජාතික රූපවහිනියේ නීති උපදේශක නුවන් සොමිරත්න,නීතිඥ ඒ .සුබසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.