17072024Wed
Last update:Wed, 08 May 2024

පහත රට තේ මිල ඉහළ යන ලකුණු

ceylon tea කොළඹ තේ වෙන්දේසියේ දී පහත රට තේ මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයක් පෙන්නුම් කරන බව තේ සංවර්ධන මණ්ඩලය සදහන් කරයි.  

ගෙවීගිය වසරේ වැඩි කාලයක සිට මෙරට තේ මිල අපනයන ධාරිතාව සහ ආදායම් තත්වය පහළයමින් පැවති තත්වයක් තුළ මිල ගණන් යළි ශක්තිමත් වී ඇත.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට පළමු තේ වෙන්දේසියේ දී පහත රට තේ කිලෝවක් රුපියල් 365.32ට අලෙවි විය.

පසුගිය තේ වෙන්දේසියේ දී තේ කිලෝවක් රුපියල් 399.61ට අලෙවි වී තිබේ.

මේ අතර මධ්‍යම කදුකරයේ හා උඩරට තේ වල මිල ගණන් ද සුලු වශයෙන් ඉහළ ගොස්  ඇත.

රුසියාවේ තේ මිල ඉහළ යාම මෙරට තේ මිල පහළ යාමටද හේතුවක් විය.

මේ නිස තේ කර්මාන්ත කරුවෝ දැඩි අර්බුදයකට මුහුණ පා සිටී 2014 වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස අට තුළ තේ අපනයන ආදායම 17% කින් පහළ වැටුන අතර අගෝස්තු මාසයේ දී පමණක් එය 34%කින් පහළ ගොස් තිබෙන බව සංඛ්‍යා ලේඛන දත්ත පෙන්වා දෙයි.