17072024Wed
Last update:Wed, 08 May 2024

ප්‍රංශයේ සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනපතිතුමන්ගේ ශෝක පණිවිඩය

Presidential Media Unit Common Banner 1ගරු ප්‍රංශ ජනාධිපති

ෆැන්කුවා හොලන්ඩ් මැතිතුමා

ගරු ජනාධිපතිතුමනි,

ජීවිත හානි ගණනාවක් සිදු කරමින් සහ තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදු කරමින් 2015 නොවැම්බර් 13 වනදා පැරීසිියේ සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

 ප්‍රංශ රජයටත්, ජනතාවටත්, මියගිය අයගේ සහ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ශෝකය පළ කිරීමට ශ්‍රී ලංකා රජය සහ ජනතාව ද මා සමඟ එක් වෙයි.

ත්‍රස්තවාදයෙන් කාලයක් තිස්සේ දැඩි පීඩා විඳී රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙවන් ත්‍රස්ත ක්‍රියා දැඩි ලෙස හෙළා දකී.

ත්‍රස්තවාදී සහ අන්තවාදී ව්‍යසනයන් දුරලීමට ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටුයතු කිරීම අත්‍යාවශ්‍ය වේ.

මෙම ශෝකජනක අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ ජනතාව ප්‍රංශ රජය සහ ජනතාව සමඟ ශෝකය බෙදා ගැනීමට එක්ව සිටී.

මෛත්‍රිපාල සිරිසේන