20042025Sun
Last update:Tue, 07 Jan 2025

ලබන වසරේ පාසල් වාර කාලසටහන

education ministryලබන වසරේ පාසල් වාර කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව සිංහල හා දෙමළ පාසල් සඳහා පලමු වාරය 2016 ජනවාරී මස 4 වැනි දා ආරම්භ වී අපේ‍්‍රල් 08 වැනි දා අවසන්වේ.

එසේම දෙවන පාසල් වාරය අපේ‍්‍රල් 25 වැනි දා ආරම්භ වන අතර ජුලි මස 29 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

තෙවන පාසල් වාරය අගෝස්තු මස 31 සිට දෙසැම්බර් මස 02 වැනි දා දක්වා ක‍්‍රියාත්මකය. මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2016 ජනවාරී මස 04 වැනි දා සිට අපේ‍්‍රල් 11 වැනි දා දක්වා පැවැත් වේ.

දෙවන පාසල් වාරය අදියර දෙකකින් සමන්විත වන අතර අපේ‍්‍රල් මස 18 වැනි දා සිට ජුනි මස 03 වැනි දා දක්වා මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරයේ මුල් අදියර පැවැත් වේ.

රාමසාන් උපවාසය සඳහා ජූනි මස 06 වැනිදා සිට ජූලි මස 06 වැනිදා දක්වා මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දෙන අතර නැවත ජුලි මස 07 වැනිදා සිට අගෝස්තු 12 වැනි දා දක්වා දෙවන අදියර යටතේ මෙම පාසල් පැවැත් වේ.

මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය අගොස්තු මස 22 සිට දෙසැම්බර් 02 වැනි දා දක්වා ක‍්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.