20042025Sun
Last update:Tue, 07 Jan 2025

හිමියන්ට ගෞරව කරන්න කඩ සාප්පු වසයි

Sobitha13මාඳුළුවාවේ සෝභිත නාහිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකෙරුණු ඊයේ (12දා) කොළඹ නගරයේ මෙන්ම අවට නගරවල කහ කොඩි ඔසවමින් කඩ සාප්පු වසා දැමීමට ව්‍යාපාරිකයින් ස්වේච්ඡාවෙන්ම කටයුතු කර තිබීම කැපී පෙනෙන සිද්ධියක් විය.

මේ අනුව පිටකොටුවේ දෙමළ ජනතාවට මෙන්ම මුස්ලිම් ජනතාවට අයත් බොහෝ තොග කඩ වසා දමා තිබුණු අතර අනිකුත් සාප්පු ද වසා දමමින් මාඳුළුවාවේ සෝභිත හිමියන්ට ගෞරවය දක්වනු ලැබීය.

මෙම තත්ත්වය විශේෂයෙන් මරදාන ප්‍රදේශයේදී කැපී පෙනෙන තත්ත්වයක් වූ අතර මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වසා දමා තිබුණි.

මුස්ලිම් දේවස්ථාන කිතුනු දේවස්ථාන, මෙන්ම හින්දු කෝවිල්වල විශේෂ බැනර් ප්‍රදර්ශනය කර තිබුණු අතර නිවෙස්වලද කහ කොඩියක් ඔසවමින් නාහිමියන්ට අවසන් ගෞරවය දක්වා තිබුණි.