20042025Sun
Last update:Tue, 07 Jan 2025

හෙට සහ අනිද්දා දකුණු මුහුද තහනම්

yaanaavk kottskහෙට සහ අනිද්දා දෙවුන්දරට ආසන්න මුහුදු කලාපය ගුවන් මුක්ත සහ ධීවර කටයුතුවලින් බැහැර කලාපයක් ලෙස නම් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සහ  ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ධීවරයින්ට දැනුම් දී තිබේ.

අභ්‍යාවකාශ යානාවක කොටසක් සිකුරාදා දකුණු මුහුදු තීරයට කඩා වැටෙන බැවින් එදින මෙම ප්‍රදේශයේ ගුවන් ගමන් කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ගුවන් සේවා සමාගම් වෙත දැනුම් දී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ද සනාථ කළේය.

අනිද්දා පෙරවරු 11.50ට පමණ මෙමකොටස දෙවුන්දර තුඩුවේ සිට කිලෝමීටර් 65ක් ඈත මුහුදට වැටෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

මේ පිළිබඳව දැනටමත් රේඩියෝ සංඥා මාර්ගයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ද සදහන්.

ඒ අනුව 13 වෙනිදා උදෑසන 10.50 සිට පස්වරු 12.50 දක්වා එම ප‍්‍රදේශයේ ධීවර කටයුතුවලින් ඉවත් වන ලෙස ධීවරයින්ගෙන් ඉල්ලා සිටියි.