17072024Wed
Last update:Wed, 08 May 2024

අපවත්වීම දැරිය නොහැකි පාඩුවක්

ranil 09 11මාදුළුවාවේ සෝභිත නාහිමිගේ අපවත්වීම රටට දැරිය නොහැකි පාඩුවක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එය වචනවලින් කිව ‍ෙනාහැකි බව කී අගමැතිවරයා රාජ්‍ය ගෞරව සහිතව සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පවත්වන බවද ප්‍රකාශ කළේය.

සෝභිත නාහිමියන් සටන් කළ මූලධර්ම අනුව ක්‍රියාකිරීමට බැඳී සිටින බවද අගමැතිවරයා පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ සාකච්ඡාවකට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී සහභාගි වෙමිනි. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙය ඊයේ (08) පැවැත්විණි. අයුක්තිය හා අසාධාරණය ඉදිරියේ සෝභිත නාහිමි නැගී සිටියේ ජීවිතය අමතක කොට බවද අගමැතිවරයා කීය.

ආදාහනය පිළිබඳ සියලු කටයුතු සොයා බැලීම සඳහා මෙහිදී ආදාහන කමිටුවක්ද පත්කරන ලදී.

ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි, බෙල්ලන්විල විමලරතන නාහිමි එහි ප්‍රධානත්වය හොබවති. මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ කතානායක කරු ජයසූරිය මහතායි. ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සහ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා මෙහි උප සභාපතිවරු ලෙස කටයුතු කරති.

මේ අවස්ථාව සඳහා මැති ඇමැතිවරුන් රැසක් සහභාගි වූහ.