20042025Sun
Last update:Tue, 07 Jan 2025

මන්ත්‍රීවරු ඝාතනය වන විට කතා කළේ නෑ

raniපාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමු අමුවේ ඝාතනය වනවිට කතා නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (4) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ හා මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ දේ ප්‍රකාශ කළත් ත්‍රස්තවාදය විසින් බිලිගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා අනෙකුත් දේශපාලකයන් ගැන මේ අය කිසිවක් කතා නොකරන්නේ ඇයිදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය.

අදවන විට පොලිසිය හා හමුදාව ස්වාධීනව ක‍ටයුතු කරන බවත් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ආරක්ෂක අංශ කැඳවන්නේ නම් කතානායකවරයාගෙන් අවසර ලබාගත යුතු බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා දැක්වු අදහස් සමඟ එක්වෙමිනි.