17072024Wed
Last update:Wed, 08 May 2024

ශ‍්‍රී ලංකා තායිලන්ත වෙළඳ සමුළුවට ජනපති සහභාගී වේ

013 1140x764“විදේශ ආයොජකයින්ට හිතවාදී පරිසරයක් අද ශ‍්‍රී ලංකාව තුළ පවතිනවා…..”
ශ‍්‍රී ලංකා තායිලන්ත වෙළඳ සමුළුව අමතමින් ජනපති පවසයි

ශ‍්‍රී ලංකාවේ අද පවත්නා ආයෝජන හිතවාදී ආර්ථික ක‍්‍රමය තුළ විදේශ ආයෝජන සදඟා පහසුකම් සැලසීෙමිදි විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

 ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බැංකොක් නුවර පැවති ශ‍්‍රී ලංකා තායිලන්ත වෙළඳ සමළුව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

දෙරට අතර පවතින ආයෝජන ක‍්‍රමෙවිද හොදින් හදුනාගත යුතුවන අතර එහිදී ප‍්‍රධාන වශයෙන් කෘෂි කාර්මික නිෂ්පාදන, සංචාරක ව්‍යාපාරය, යටිතල පහසුකම්, විදුලි සංදේශ ඇතුළු අංශ ප‍්‍රවර්ධනය කළයුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සහභාගී වූ තායිලන්ත උප අගමැති Somkid Jatusri pitak අදහස් පළ කරමින් තිරසාර සංවර්ධනය උදෙසා ස්ථිර වැඩපිළිවෙලක් පැවතිය යුතු බව සදහන් කළ අතර එහිදී ඩිජිටල් තාක්ෂණය සමග වෙළදපොල කළමණාකරණය වියයුතු බව සදහන් කළේය.එමෙන්ම දෙරටේ ආර්ථික සංවර්ධනය උදෙසා එකමුතු වී කටයුතු කිරීම තුළ දෙපාර්ශවයටම සාර්ථකත්වය උදාකර ගතහැකි වන බවද තායිලන්ත උප අගමැතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කරන ලදි.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා, තායිලන්ත ව්‍යාපාරිකයින් පිරිසක් ද සහභාගී වූ අතර තායි ශ‍්‍රී ලංකා වෙළඳ සංගමය විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිලිණයක් ද පිරිනමනු ලැබීය.

මීට සමගාමීව තායිලන්ත ඉහළපෙලේ ආයෝජකයින් පිරිසක් සමග ද ජනාධිපතිතුමා ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව සාකච්ඡුාවක නිරත විය.
එහිදී ශ‍්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙරටෙහි හොටල් ඉදිකිරිම සඳහා කටයුතු කිරීමට ක‍්‍රියාකරන බවද ධීවර සහ සීනි කර්මාන්ත අංශයන් සඳහා ආයෝජනය කිරීමට ක‍්‍රියාකරන බවද තායිලන්ත ව්‍යාපාරිකයින් සඳහන් කළේය.

එමෙන්ම රථවාහන අමතර කොටස් මෙරටට ගෙන්වීම සඳහා ද ඔවුන් සිය දායකත්වය ලබාදෙන බවද සඳහන් කළේය.
මෙහිදි දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර, ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ මහතාද අදහස් දැක්වීය.

ශ‍්‍රි ලංකාවෙන් වැඩම කරවන ලද සමාධි බුද්ධ ප‍්‍රතිමා අනුරුවක් තායිලන්තයේ අයුත්තියා ප‍්‍රදේශයේ පිහිටි තම්මලාන් විහාරස්ථානයේ තැන්පත් කිරීම ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ජනාධිපතිතුමා විසින් එම විහාරස්ථානයේ පිහිටි කෞතුකාගාරය නිරීක්ෂණය කළ අතර එහිදි තායිලන්ත පාසල් සිසුන් අතුළු පිරිස විසින් ජනාධිපතිතුමා වෙත සිය සුභපැතුම් පිරිනැමිණි.

06 08 10 11