22102025Wed
Last update:Fri, 10 Oct 2025

"ප්‍රේමදාස අතුකෝරල" මාස්ටර් සමුගනී

mastar okප්‍රවීණ සංගීත. නිර්මාණකරුවෙකු වූ "ප්‍රේමදාස අතුකෝරල" මාස්ටර් ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත විය.

කඳපොල කුමාර තුංගයන්ගේ ‘ධවල මන්දිර’, ‘සත් රුවන් වරුසා’, ‘ගිම්හානෙට පසු’, සුසිර රත්නකුමාර ගේ ‘බෝනික්කා’ යන ටෙලිනාට්‍ය වලද සුගතපාල සෙනරත් යාපාගේ ‘මැටි කරත්තය’ යනාදි වේදිකා නාට්‍ය රැසකට ප්‍රේමදාස අතුකෝරල" මාස්ටර් විසින් සිය සංගීත දායකත්වය සැපයීය. 

මිල්ටන් පෙරේරා හා ශ්‍රීමති තිලකරත්න ගැයූ 'සන්සුන් රුවන් හද මන්දිරයේ ' ධර්මදාස වල්පොල ගැයූ ‘දිළිඳුන් අතරේමයි විමානේ දෙවියන්ගේ’ සුජාතා අත්තනායක ගැයූ ‘සිහිනයකි මේ ජීවිතේ’ ටී.එම්. ජයරත්න ගැයූ සුදු හුණුකූරෙන් අයන්න ලියලා’, නීලා වික්‍රමසිංහ ගැයූ ‘මීට වඩා ලෝකය තව ලස්සන වුණු දාක දුවේ’ ලතා වල්පොල ගැයූ "කිත්සිරි රැන්දු " වැනි ගී රැසක් සඳහා සංගීතය ද නිර්මාණය කළේය.

පවුලේ ඥාතීන් පැවසුවේ ආදාහන කටයුතු හෙට රාගම බටුවත්ත සුසාන භුමියේදි සිදු කෙරෙන බවයි.