17072024Wed
Last update:Wed, 08 May 2024

මහියංගන රජමහා විහාරස්ථානයේ සිට තායිලන්තයට වැඩම කරවන ලද සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය ජනපති සුරතින් විවෘත කෙරේ

012 1140x715ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආගමික හා සංස්කෘතික සබඳතාවයන් සියවස් ගණනාවක් එපිටට විහිදියන අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික බැඳීම් ඇතිවූයේ මින් හැට වසරකට පෙරය.

 ඒ නිමිත්තෙන් ඇරඹුණු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සිව්දින නිල සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනය තායිලන්ත බෞද්ධ සැදැහැවතුන් උදෙසා අද (02) පස්වරුවේ තායිලන්තයේ බුද්ධමන්තන් විහාරස්ථානයේදි ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් වාන් ඕ වා මහතාද මෙම පූජනීය අවස්ථාවට සහභාගී විය. ආසියාවේ ප්‍රබලතම බෞද්ධ රටක් වන තායිලන්තයේ බෞද්ධාගමික ජනතාවගේ ප්‍රතිශතය 96%  ක් පමණ වේ.

ජනාධිපතිතුමාගේ නිල සංචාරයට සමගාමීව මෙවර සර්වඥධාතුන් වහන්සේලා තායිලන්තයට වැඩම කරවන ලද්දේ

මහියංගන රජමහා විහාරස්ථානයේ සිටය. සර්වඥ ධාතුන් වහන්සේ සමඟ භික්ෂුන් වහන්සේලා හැට නමක්ද තායිලන්තය බලා වැඩම කළහ. මෙම සර්වඥ ධාතුන් වහන්සේලා තායිලන්ත බොදු සැදැහැවතුන්ට මෙම මස 16 වනදා දක්වා වන්දනාමාන කළහැක.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් ප්‍රථම පූෂ්පෝපහාරය දැක්වීමෙන් අනතුරුව ධාතු ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

03

04

06

07

08

09

10