17072024Wed
Last update:Wed, 08 May 2024

තායිලන්ත ගුවන් තොටුපළේදී ජනපතිට මහත් හරසර

1 1140x787තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රියුත් චාන් ඕ චා මහතාගේ විශේෂ ආරාධනයක් මත දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(01) පස්වරුවේ තායිලන්තයේ  “ස්වර්ණ භූමී” ගුවන්තොටුපළ වෙත ළගාවිය.

 හමුදා උත්තමාචාර මධ්‍යයෙහි තායිලන්ත උප අගමැති Somkib Jatusri Titak මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගණු ලැබීණි.

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමියන් සහ මහියංගණ රජමහා විහාරාධිකාරී පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රී ලංකාවේ සිට තායිලන්තය වෙත වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ගුවන්තොටුපළේ සංවිධානය කොට තිබූ විශේෂ ආගමික වතාවත් වලට ද ජනාධිපතිතුමා එක්විය.

අනතුරුව තායිලන්ත හිමිවරුන්ට පිරිකර පූජා කළ ජනාධිපතිතුමා සර්වඥ ධාතුන් වහන්සේලාගේ  ආශිර්වාදයෙන් දෙරට අතර තිබෙන සබදතා තවදුරටත් ශක්තිමත් වන බවත් තායිලන්තයට පැමිණීම සඳහා සිදුකළ ආරාධනයට තායිලන්ත රජයට සිය ස්තුතිය පළ කරන බවත් පැවසීය.

තමන් ඇතුළු ජනතාවට මහියංගණ සර්වඥ ධාතුන් වන්දනා කිරීමේ දුර්ලභ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කල තායිලන්ත උප අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ තිබෙන සංස්කෘතික බැඳීම මෙයින් තවදුරටත් පෝෂණය වන බවද සඳහන් කළේය.

මහියංගණ සර්වඥ ධාතුන් වහන්සේලා හෙට (02) දින තායිලන්ත පුත්තමන්තෝන් විහාරස්ථානයෙහි තැන්පත් කිරීමට නියමිත අතර එය ලබන 16 වනදා තෙක් මහජන වන්දනාව සඳහා ප්‍රදර්ශනය කෙරේ.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් බැංකොක් නුවර සංවිධානය කොට ඇති විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් නැරඹීමට ද ජනාධිපතිතුමා අද සවස එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජතාන්ත්‍රික සබඳතා වලට වසර 60ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තායිලන්තය බලා පිටත්ව ගියේය.

2 3 5 6 8 9 10- 11 welcome at Hotel