22102025Wed
Last update:Fri, 10 Oct 2025

ජනපති තායි අගමැති හමුවේ

myසිවුදින නිල සංචාරයක් සඳහා තායිලන්තයට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචා මහතා අතර අද තායිලන්තයේදී ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී කළාපීය දේශපාලනය හා ආරක්ෂාව මෙන්ම ආර්ථික කරුණු පිළිබඳව ද වැඩි අවධානයක් යොමුවී ඇතැයි සඳහන්වන අතර දෙරටේ බෞද්ධාගමික සබඳතා ශක්තිමත් කිරීම සඳහා හුවමාරු වැඩසටහන් හා පුහුණු කිරීම් පිළිබඳව රාජ්‍ය නායකයන් දෙපළ සාකච්ඡා පවත්වා ඇත.