17072024Wed
Last update:Wed, 08 May 2024

ඉදිරි පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන බව ජනාධිපති පවසයි

0621 1140x860ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

 

තමා කිසිවිටෙකත් පක්ෂය පරාජය වනු දැකීමට කැමති නොවන බව පැවසු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමරණීය පක්ෂයත් බවත් පසුගිය මැතිවරණ දෙකක් අප පරාජය වු බව පිළිගනිමින් සහ ඊට හේතු වු කරුණු සොයා බලමින් ජයග්‍රහණය කරවීම සඳහා වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යා යුතු බවත් දීප ව්‍යාප්තව ඒ ජයග්‍රාහී ගමන ඉදිරියට යාමේ ආරම්භය අද කඩුවෙලින් අරඹන බවත් ජනාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (29) පස්වරුවේ කඩුවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආරම්භ කරන ලද යහපාලනය සාර්ථක වීමට නමි ද්වී පක්ෂ ක්‍රමය පැවතිම අනිවාර්ය විය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී චරිත ඝාතන, පුද්ගලයින්ට චෝදනා කර ගැනීම් වෙනුවට දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රට වල පවතින ආකාරයේ ප්‍රතිපත්ති පිළිබදව සාකච්ඡාවක් ඇති විය යුතු බවත් දුෂණයෙන්, නාස්තියෙන්, හොර කමින් තොරව ශක්තිමත් මහජන සම්බන්ධතා පවත්වා ඇති පිරිස් එහිදී ජනතාව විසින් තෝරා පත්කර ගනු ඇති බවත් සදහන් කළේය.

මේ 1956, 1970 හෝ 1994 නොවන බව පැවසු ජනාධිපතිතුමා ඕනෑම පක්ෂයක් කාලයත් සමග වෙනස්වීම් වලට හැඩ ගැසිය යුතු බවට සදහන් කළේය.

ඉදිරි මාස දෙක තුළ පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් තෝරා ගැනීමට කටයුතු යොදන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එහිදී සම්මුඛ පරික්ෂණ මගින් අපේක්ෂකයින් තේරීම වෙනුවට ඒ ඒ කොට්ඨාශ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයින් ආසන සංවිධායකයින්ගේ ද අනුමැතිය මත තෝරා ගැනීමට කටයුතු යොදන බව සදහන් කළේය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජය ඇරඹුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් එල්ල වු බරපතල චෝදනා බව සදහන් කළ ජනාධිපතිතුමා චෝදනා නැති සියලූ පළාත් පාලන නියෝජිතයින්ට අපේක්ෂකත්වය ලබා ගැනීම පිළිබදව ගැටලූවක් ඇති නොවන බව සදහන් කළේය.

කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා විසින් සංවිධානය කළ මෙම උත්සවයට තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුම්න්ද දිසානායක, නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

03 02 09 08 07