17072024Wed
Last update:Wed, 08 May 2024

විග්නේෂ්වරන් ඇමරිකාවෙන් ආධාර ඉල්ලයි

kaetrinයුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට පත්ව සිටින උතුරු නැගෙනහිර කාන්තාවන් 33000 කට පමණ ඇමරිකානු රජයෙන් ආධාර උපකාර ලබාදෙන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යය සී.වී.විග්නේස්වරන් ඉල්ලීමක් කොට තිබේ.

ප්‍රධාන අමත්‍යවරයා මෙම ඉල්ලීම කොට ඇත්තේ තුන්දින සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලෝක කාන්තා කටයුතු පිළිබද තානාපතිවරිය වූ කැතරින් රසෙල් යාපනයට ගොස් ප්‍රධාන අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය.

වැන්දඹු කාන්තාවන් වෙණුවෙන් ඇමරිකානු ආධාර ඉල්ලීමට පෙර උතුරු පළාත් සභාවට යමක් කළ නොහැක්කේ මන්දැයි තානාපතිවරිය ප්‍රධාන අමාත්‍යවරයාගෙන් මෙහිදී විමසීමක් කොට ඇති අතර ප්‍රධාන අමාත්‍යයවරයා ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රරණයට අනුව පළාත් සභා ක්‍රමයක් ඇතත් උතුරු පළාත් සභාවට මූල්‍ය ප්‍රතිපාදන සහ බලතල කිසිවක් නොමැති බවයි.

යුද්ධයේදී වැන්දඹු භාවයට පත්වූ කාන්තාවන්ට උදවු උපකාර කළ හැකි නමුත් ඊට පෙර ශ්‍රී ලංකා රජය සමග එකගතාවයකට පැමිණ වැන්දඹු කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් වෙන වෙනම ගොණු කොට අවශ්‍යතාවයන් අනුව උදවු කිරීම වඩා වැදගත් බව පෙන්වා දී තිබේ.

එසේ උදවු කිරීමේදී උතුරු පළාත් සභාවට සෘජුවම උදවු කිරීමට නොහැකි බවත් ශ්‍රී ලංකා රජය හරහා එම උදවු උපකාර දෙපාර්ශවය සමග සාකච්ඡා කොට ඉතා ඉක්මනින් කිරීමට තානාපතිවරිය එකග වූ බවත් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේය.

මීට අමතරව තානාපතිවරිය හා ප්‍රධාන අමාත්‍යවරයා අතර සිංහල හා දෙමළ වැසියන් අතර සංහිදියාව ගොඩනැංවිය හැකි ආකාරයද,කාන්තා හිංසනයන් පිටුදැකීමට ගතහැකි ක්‍රියා මාර්ගයන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.

කැතරින් රසෙල් තානාපතිවරිය යාපනයේදී නව රදගුරු ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රගාසම් හිමිපාණෝ හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ පවසා ඇත්තේ යුද අනාථයින් ඉතා ඉක්මනින් යළි පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ඇමරිකාවට මැදිහත් වන ලෙසයි.

ඊට අමතරව දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීම පිණිසත්,පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ට රජයේ රැකියා ලබාදීමටත්,වැන්දඹු කාන්තාවන්ට රජයෙන් සහන සලසා දීමටත් ශ්‍රී ලංකා රජයට ඇමරිකාව විසින් බලපැම් කරණ මෙන්ද යාපනය රදගුරු හිමිපාණෝ මෙහිදී ඉල්ලා තිබේ.