16072024Tue
Last update:Wed, 08 May 2024

අධ්‍යාපනයේ විෂමතා දුරු කර නිදහස් අධ්‍යාපනයේ අයිතීන් සියලූ දරුවන් වෙනුවෙන් සුරක්ෂිත කිරීම නව රජයේ අරමුණ බව ජනපති පවසයි

President 0329 1140x1056අධ්‍යාපනයේ විෂමතා දුරු කර නිදහස් අධ්‍යාපනයේ අයිතීන් සියලූ දරුවන් වෙනුවෙන් සුරක්ෂිත කිරීම නව රජයේ අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (28) පස්වරුවේ එක් වෙමිනි.

ත‍්‍රස්තවාදය පැවති ප‍්‍රදේශවල මෙන්ම විවිධ ස්වභාවික ආපදාවන්ට මුහුණ දුන් ප‍්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන මට්ටම අනෙකුත් ප‍්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන මට්ටම හා සමගාමීව ඉහළ නැංවීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

නිදහස් අධ්‍යාපනයේ යහපත් ප‍්‍රතිඵල රටේ සියලූ දරුවන්ට ලබාදීම සැමගේ වගකීමක් වන අතරම ඊට අවශ්‍ය සම්පත් ලබාදෙමින් රජය කටයුතු කරත්දි දරුවන් ඊට උනන්දු කිරීම දෙමාපියන්ගේ වගකීමක් බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

රටේ පළාත් 09 ම ජීවත්වන ජනතාවගේ සාක්ෂරතාවය එක ලෙස ඉහළ නැංවීම රජයේ අරමුණ බවද පැවසූ ජනාධිපතිතුමා ඉදිරි අධ්‍යාපන සැළසුම් තුළ රටේ සමස්ථ ජනතාවගේ සාක්ෂරතාවය 100‍% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.

නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ 2014 වර්ෂයේ විශිෂ්ටතා දැක්වූ සිසුවියන්ට සම්මාන හා තිළිණ ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. විද්‍යාලයේ සෞන්දර්ය ඒකකය සිසු අයිතියට පැවරුණේද ජනාධිපතිතුමා අතිනි. සමරු ඵලකය නිරාවරණය කර සෞන්දර්ය ඒකකය සිසු අයිතියට පැවරු ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත විය.

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක්ද, විද්‍යාලයේ විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

01 02 12 09 08 07 06