22102025Wed
Last update:Fri, 10 Oct 2025

පොහෝ දවසේ ගෝනාට අභය දානය

goonaaත්‍රිකුණාමල කන්තලේ රක්ෂිතයට අයත් කන්නියා ප්‍රදේශයේ අද පොහෝ දින අටවන ලද කම්බි මුදුවකට අසුවි සිටි හොදින් වැඩුනු ගෝනෙකු බේරාගෙන කැලයට මුදාහැරිමට වන ජිවි නිලධාරින් සමත් වුහ.

කම්බි මුදුව ඇටවු දඩයක්කරුවන් දෙදෙනා ඒ දෙසට ගමන් ගනිද්දි ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරකට අනුව එම දෙදෙනාද අත්අඩංගුවට ගත්තේය.

ශ්‍රි ලංකා යුධ හමුදා 06 වන සන්නාහ සන්නද්ධ බලකායට ලද තොරතුරක් අනුව එම ස්ථානයට පැමිණි භට පිරිස් දඩයක්කරුවන් අත්අඩංගුවට ගෙන ඒ බව වනජිවි නිලධරින්ට දැනුම් දුන්නේය.

ඒ අනුව එම ස්ථානයට පැමිණි වනජිවි අඩවි ආරක්ෂක කණ්ඩායම ගෝනා බේරාගෙන වනයට මුදාහැරියේය.