22102025Wed
Last update:Fri, 10 Oct 2025

කරුණා පිල් මාරුවක

karuna ammanවිනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිකමින් අස්වී අද කොළඹ දී වී ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට එක්විය.

 විනයාගමූර්ති මුරලිදරන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා කිරීම මන්දගාමී බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමග එක්වන බව ය.

කෙසේ වෙතත් ජනතා ප්‍රශ්න වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට විනයාගමූර්ති මුරලිදරඇතුළු පක්ෂ කිහිපයකට ඇරයුම් කර ඇති බවයි වී.ආනන්ද සංගරීගේ පක්ෂය සදහන් කර ඇත්තේ.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කොටි සංවිධානයේ නැගෙනහිර හිටපු නායකයා ලෙස කටයුතු කළේය.