16072024Tue
Last update:Wed, 08 May 2024

හිටපු ඇතැම් ඇමැතිවරුන් වාහන තවමත් බාර දී නෑ

2015 honda accord coupe lx s fq oem 1 717මහින්ද රාජපක්ෂ රජයේ ඇතැම් ඇමැතිවරුන් තවමත් තමන් කටයුතු කළ අමාත්‍යාංශවල වාහන රජයට බාරදී නොමැති බැවින් ඒවා වහාම අත්අඩංගුවට ගන්නැයි රජය පොලීසියට නියෝග කර තිබේ.

කැබිනට් මණ්ඩලය පෙරේදා (21) රැස්වූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කැරුණු බවත්, ඒ අනුව පොලීසියට ඒ නියෝගය ලබා දුන් බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය. එසේම කොළඹ, කුලියාපිටිය, කුරුණෑගල, කෑගල්ල ආදී රට පුරා විවිධ ප්‍රදේශවල පෞද්ගලික ඉඩම් පසුගිය රජය සමයේ හමුදාව යොදවා අනවශ්‍ය බලපෑම් සිදුකර අත්පත් කර ගෙන ඇති බවට චෝදනා එල්ලව තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඇමැතිවරයා එහිදී පැවැසීය.

පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලයේ පරිහරණය සඳහා ලබා ගෙන තිබූ වාහනවලින් 126ක් වත්මන් ජනාධිපතිතුමාගේ උපදෙස් මත අමාත්‍යාංශවල පරිහරණය සඳහා නිදහස් කර තිබෙන බවද, එමඟින් එක් මාසයකට රුපියල් මිලියන100ක් පමණ ඉතිරි කර ගැනීමට හැකිව තිබෙන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.