16072024Tue
Last update:Wed, 08 May 2024

එජා සහකාර මහ ලේකම් මෙරට සංචාරයක

21102015 130898936035594527 slmඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් මිරොස්ලාව් ජෙන්කා මහතා සිවු දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

එළඹෙන 25 දා දක්වා මෙරට රැඳී සිටින ඒ මහතා ඊයේ (21) ශ්‍රී ලංකාවට පැමිණි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලය ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී ජගත් මහ ලේකම් බැන්කී මූන් සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරු අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරියෙකු මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර ඒ මහතාගේ සංචාරය අතරතුර ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද එම කාර්යාලය සඳහන් කරයි.

එහිදී ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය ගොඩනැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කරන වැඩසටහන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර ඒ පිළිබඳව දැනුම්දීමට නියමිත බවද එළඹෙන 24 දා කොළඹ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 70 වැනි සංවත්සර සැමරුම් උත්සවය සඳහා ඒ මහතා සහභාගීවීමට නියමිත බවද එක්සත් ජාතීන්ගේ කොළඹ එක්සත් ජාතීන්ගේ 70 වන සංවත්සරය මෙන්ම ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබා වසර 60ක් සම්පූර්ණ වීම ද විශේෂත්වයකි.