20042025Sun
Last update:Tue, 07 Jan 2025

රට නංවා ජනතා පැතුම් ඉටු කරන හැටි

ranil octඇදහිය නොහැකි දැවැන්ත සංවර්ධනයක් ඔස්සේ ජනතා සිතුම් පැතුම් ඉටු කරවන ආකාරය නොවැම්බර් අයවැයෙන් 'ආර්ථික ප්‍රකාශය' ලෙස රට හමුවේ තැබීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරයි. ඒ යටතේ ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇතිකිරීමේ විප්ලවීය වෙනසට පිවිසෙන්නේ බස්නාහිර පළාත අසමසම නගරයක් බවට පත් කිරීමෙනි.

ප්‍රථමයෙන් සිදුවන්නේ කිසිදු ජාති ආගම් හෝ වෙනත් භේදයකින් තොරව පැල්පත්වාසී ජනතාවගේ නිවාස ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබාදීමයි. නිවාස සංකල්පය අර්ථවත් කරවමින් නිවාස වැඩපිළිවෙළ රටපුරාවට ක්‍රියාත්මක වෙයි.

කෘෂිකාර්මික, කාර්මික, වෙළහෙළදාම් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම නියුතු වූවන්ගේ ගැටලු විසඳීමත් දරුවන්ගේ අධ්‍යාපනය හා සම්බන්ධ ගැටලුවලට යහපත් ප්‍රතිචාර ලබාදීමත් ඇතුළු සෑම ජනතා අවශ්‍යතාවක්ම සපුරාලීම ආර්ථික ප්‍රකාශයේ ප්‍රධාන අරමුණු අතර වෙයි.