20042025Sun
Last update:Tue, 07 Jan 2025

සන්ධානයේ හවුල් පක්ෂ නව පෙරමුණකින්

nv permunnkinඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ රැසක් එළඹෙන පළාත් පාලන මැතිවරණයට නව පෙරමුණකින් තරග කිරීමට තීරණය කර තිබේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකගේ ද සහාය ඇතිවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේගේ නිවසේදී පැවැති සාකච්ඡාවක දී මෙසේ තනිව තරග කිරීමට තිීරණයකට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

 මෙම සාකච්ඡාව සඳහා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන අයද සහභාගී වී ඇත.

මෙම පෙරමුණට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද සහාය දීමට තීරණය කර ඇති බව ද සදහන්.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ අවදානමක් මතුව තිබේ.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති අතර එහි වගකීම පවරා ඇත්තේ අමාත්‍ය එස්.බී. දිසානායකටයි.

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට තීරණය කර ඇත.