22052024Wed
Last update:Wed, 08 May 2024

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අගමැති ප්‍රධානත්වයෙන්

Ranil Wickremesinghe IBවර්තමානයට ගැළපෙන ලෙස පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුවේ ප්‍රධානත්ව‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන ඇති අතර එහි ප්‍රධාන වගකීම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට පවරා දී ඇතැයි වාර්තා වේ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා නිර්දේශ ලබාදීම වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සඳහා මඟපෙන්වීම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීම නව පාසල් අධ්‍යාපන පනතක් හඳුන්වාදීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම කැබිනට් අනු කමිටුව කටයුතු කිරීමට නියමිතය.

අධ්‍යාපන ඇමැතිවරයා හෝ උසස් අධ්‍යාපන ඇමැතිවරයා මූලිකත්වය ගත යුතු කමිටුවක ප්‍රධානත්වය අගමැතිවරයාට දරන්නට සිදුවීමත් අධ්‍යාපන ඇමැතිවරයා උසස් අධ්‍යාපන ඇමැතිවරයා එම කමිටුවේ සාමාන්‍ය සාමාජිකයකු වීමත් මෙහි ඇති විශේෂත්වය වෙයි.

ඒ කෙසේ වෙතත් මෙම කමිටුවේ ඉතිරි සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අකිල කාරියවසම්, මහින්ද සමරසිංහ සහ හරින් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.