21052024Tue
Last update:Wed, 08 May 2024

පංචවිධ වැඩපිළිවෙළ ගැන ප්‍රකාශය

ranil 01එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එළිදැක්වූ රට නංවන පංචවිධි වැඩපිළිවෙළ පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන මස මුල් සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

නොවැම්බර් මස 20 වැනිදා රට හමුවේ තබන අය වැය 2016 තුළින් මුළු රටම ආර්ථික කලාප පහකට බෙදා දියුණු කරන ආකාරය පිළිබඳ මෙහිදී ජාතිය දැනුවත් කිරීමට අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධානව දැනට රට තුළ ගෙන යන සම්මුතිවාදී ජාතික රජයේ අරමුණු හා බලාපොරොත්තු වනුයේ ජනතා සුබසාධනය සහ ආර්ථික නවෝදය ඇති කරලීමයි. එය ජයගන්නා ආකාරය අගමැතිවරයා මෙහිදී පැහැදිලි කරනු ලැබේ.

ජාතික හා ජාත්‍යන්තර අභියෝග ජය ගැනීමට ඉවහල් වන ප්‍රජාතන්ත්‍රවාදය මානව නිදහස ස්ථාපිත කළ යහපාලනයක් හා විනිවිදභාවයෙන් යුතු රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ද අගමැතිවරයා තම ප්‍රකාශයෙන්  ජනතාව දැනුවත් කරනු ඇත. මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ විශ්වාසය දිනා ගනිමින් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් ඉදිරියට යන ගමනක් ආරම්භ කර ඇත. ඉන් අත්ක ගත් ප්‍රගතියද අගමැතිවරයා පැහැදිලි කිරීමට නියමිතය.