21052024Tue
Last update:Wed, 08 May 2024

දේශපාලන බේදයකින් තොරව සිය දැනුම, අවබෝධය සහ වෘත්තීය අත්දැකීම් රට වෙනුවෙන් කැපකිරීමට එක්වන්න ජනපතිගෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනා කරයි

075 1140x394කිසිදු දේශපාලන බේදයකින් තොරව සිය දැනුම, අවබෝධය සහ වෘත්තීය අත්දැකීම් රට වෙනුවෙන් කැපකිරීමට එක්වන ලෙස ජනාධිපතිතුමා සියලූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනා කරයි.

 

ජාතික සංවර්ධනය සඳහා විද්වතුන්ගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා ජනාධිපතිතුමා විසින් කැඳවා තිබූ විශේෂ හමුවක් ඊයේ (13) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මෙම ආරාධනාව සිදු කළේය.

වර්තමාන ආණ්ඩුවේ කවුරුන් හෝ වංචා, දූෂණ අක්‍රමිකතා සිදු කරනවානම් ඔවුන්ට විරුද්ධව ඕනෑම පියවරක් ගැනීමට තමන් සූදානම් බවද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය.

යහපාලන රජයක තිඛෙන්නා වූ විශේෂිත ලක්ෂණ පෙන්නුම් කරමින් ඉදිරියට යන ගමන ශක්තිමත් කිරීමට දායක වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනා කළ අතර නව රජයේ සියලූ උත්සාහයන් පොදු අරමුණු ඉටු කර ගැනිමට මිස පෞද්ගලික අරමුණු වෙනුවෙන් නොවන බවද කියා සිටියේය.

බුද්ධිමතුන් ලෙස ලබාගත් දැනුම රට වෙනුවෙන් යෙදවීමට මේ හොඳම කාලය බවද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා රටට අවශ්‍ය පර්යේෂණ, නව දැනුම එක් කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දායකවීම යන කරුණු තුළින් ජාතික සංවර්ධන වැඩපිළිවෙලට දායකවීමේ හැකියාවද පැහැදිළි කළේය.

තමන්ගේ දැනුම, අත්දැකීම් සහ වෘත්තීය පරිණතභාවය පිළිබඳ ගෞරවයක් ලබාදෙමින් මෙම හමුව කැඳවීම පිළිබඳ මෙහිදී සතුට පළ කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යහපාලන රජයේ යහපාලන වැඩපිළිවෙල ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් හැකි උපරිමයෙන් දායකවන බවද කියා සිටියහ.

02 03 04 06 07 08 09