21052024Tue
Last update:Wed, 08 May 2024

ජාතික මට්ටමේ වෘත්තීය සමිති උපදේශක සභාවක් සඳහා ජනපතිගේ අනුමැතිය

01 1 1140x434ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ ජනාධිපති ලේකම්වරයා සහ අදාළ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් ජාතික මට්ටමේ වෘත්තීය සමිති උපදේශක සභාවක් පත්කිරීමට ජනාධිපතිතුමා අනුමැතිය පළ කලේය.

සාධාරණ සමාජයක් සඳහා වන වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත පිරිසක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කරන ලද සාකච්ඡාවකදී මෙම අනුමැතිය පළ විය.

රුපියල් දසදහසේ දීමනාව රජයේ සේවකයන්ගේ මූලික වැටුපට එකතු කිරීම, ජාතික කම්කරු උපදේශක සභාව තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම නියෝජනය තහවුරු කිරීම, ටෙලිකොම් හා අනෙකුත් අර්ධ රාජ්‍ය ආයතන වල මෑන්පවර් සේවකයන් ස්ථීර කිරීම, පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා රුපියල් දෙදහස් පන්සියයක වැටුප් වැඩිවීම වෙනුවෙන් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම ඇතුළු ඉල්ලීම් මෙහිදී සාකච්ඡා විය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව තව දුරටත් ස්වාධීන කොමිසමක් ලෙස ස්ථාපිත කිරීම, වැටුප් කොමිසම ප්‍රතිසංවිධානය, අග්‍රහාර රක්ෂණයේ අඩුපාඩු නිවැරදි කිරීම, වැටුප් වර්ධක අගය වැඩිකිරීම, ප්‍රවාහන ගැටලූ විසදීම සඳහා සියලූම රජයේ සේවකයන්ට යතුරු පැදි ලබාදීම ඇතු`එ වෘත්තීය සමිති වල ඉල්ලිීම් සහ යෝජනා ඇතුළත් ලියවිල්ලක් මෙහිදී ජනාධිපතිතුමා වෙත බාරදෙන ලදී.

රාජ්‍ය සේවයේ ඵලදායිතාවය වැඩිකිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට ඉහළ මට්ටමේ කමිටුවක් පත්කිරීම පිළිබඳව ද මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.

මෙම අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහා වන වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, ලංකා ගරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාර්ලින්, පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යන මහත්වරුන් ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වන වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.