17052024Fri
Last update:Wed, 08 May 2024

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කමිටුවක්

ranil wickramasinghe Iනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කමිටුවක් පත්කර ඇත. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, පාර්ලිමේන්තු නිලධාරින්, ඇතුළු සියලු අංශ ආවරණය වන පරිදි අදාළ නිලධාරින් මේ සඳහා පත්කර ඇත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් කොළඹ දී ඊයේ (13)පැවැත්වූ විද්වත් කතිකාවකට සහභාගී වෙමින් ජයම්පති වික්‍රමරත්න මහතා මේ බව අනිවරණය කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ක්‍රමවේද ගණනාවක් යටතේ අවධානය යොමුවිය යුතු බවයි.

විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ දී මහජන මත විමසීම පුළුල් ලෙස සිදුවිය යුතු බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදුවන මහජන මතය පාර්ලිමේන්තුවට ගෙනයාම සඳහා විශේෂ කොමිසමක් පත්කළ යුතු අතර පාර්ලිමේන්තුව සිදුකරන ක්‍රියාවලියට අමතරව මහජන ක්‍රියාවලියක් වෙනම සිදුවිය යුතු බවත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය සිදුකිරීමේ දී පාර්ලිමේන්තුවම තේරීම් කාරක සභාවක් බවට පත්කර කටයුතු කරන්නේද, පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් තුනෙන් දෙකේ බලයක් ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නොමැති බවත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කීය.