24102025Fri
Last update:Fri, 10 Oct 2025

වල්ලපට්ට රටින් පිටකිරීම නවතී

wallaරුපියල් ලක්ෂ 93ක් වටිනා වල්ලපට්ට තොගයක් නීතිවිරෝධීව ශී‍්‍ර ලංකාවෙන් පිට කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අද ලූයම අත්අඩංගුවට ගෙන තිබේ.‍

 සැකකරු සතුව තිබී වල්ලපට්ට කැබලි කිලෝග‍්‍රෑම් 23.3ක් සොයා ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම වල්ලපට්ටා තොගය සැකකරුගේ ගමන් බෑගය තුළ සඟවාගෙන QR 665 දරණ ගුවන් යානයෙන්  සාජා බළා යාමටයි පැමිණ ඇත්තේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන රේගුව මගින් ක්‍රියාත්මකයි.