21052024Tue
Last update:Wed, 08 May 2024

ශ‍්‍රී ලංකාවට ඕනෑම සහයෝගයක් ලබා දීමට චීනය සූදානම් බව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ජනපති හමුවේ පවසයි.

029 1140x492චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප‍්‍රමුඛ දුත පිරිසක් අද (08) පස්වරුෙවි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

 චීන රජය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත‍්‍රත්වය සිහිපත් කරමින් සුහඳ කතා බහක නිරත වූ ජනාධිපතිතුමා තමා ඉකුත් දා චීනයේ කළ සංචාරයේදි චීන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය දැක්වූ අනුග‍්‍රහය ද සිහිපත් කළේය.

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ‍්‍රී ලංකාව කෙරෙහි දැක්වූ සහයෝගීතාවය අගය කළ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, මැතිවරණයකින් පසුව රට සංවර්ධනය කරා ගෙනයාෙමි කාර්යය ආරම්භ කර ඇති බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඒච්.ඊ. ලියු සෙන්මින් මහතා පැවසුවේ දකුණු ආසියාෙවි වැදගත් රටක් ලෙසට ශ‍්‍රී ලංකාව සලකන බවත් ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට ඕනෑම සහයක් ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටිනා බවත්ය.

තවද සිරිමාවෝ බංඩාරණායක මැතිණියගේ කාලයේ සිට ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා දේශපාලන ගමනට දුන් නායකත්වය ඇඟයීමට ලක් කළ චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, රට සංවර්ධනය කරා ගෙන යන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජයට චීන රජයේ සුබපැතුම් පළ කළේය.

මාරාන්තික වකුගඩු රෝගයට ප‍්‍රතිකාර කිරීමට චීන රජයේ ආධාරයෙන් ඉදිකිරීමට නියමිත වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳව ජනාධිපතිතුමා සිහිපත් කළ අතර මේ වනවිටත් චීන රජයේ් නිළධාරී කණ්ඩායමක් පැමිණ ඒ පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

චීන රජයේ ආධාර යටතේ ඉදිවන හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදිකිරීමි කඩිනමින් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිතුමා චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

සෑම වසරකම දෙරට අතර පවතින තරුණ දේශපාඥයින්ගේ හුවමාරු වැඩසටහන පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා විය.