08062025Sun
Last update:Wed, 04 Jun 2025

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි.

11 1140x855ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් අද (08) පස්වරුෙවි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය සමුළුව ලබන වසරේ ශ‍්‍රි ලංකාෙවි පැවැත්වීමට ගෙන ඇති යෝජනාව දැනුම් දීම සඳහා මෙම නියෝජිත පිරිස ජනාධිපතිතුමා හමුවූ අතර ඒ පිළිබඳව ජනාධිපතිතුමා තම සතුට පළ කරන ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සිහිපත් කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාෙවි සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වඩාත් ශක්තිමත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන උපදෙස් හා දායකත්වය අඛණ්ඩව ලබාදෙනු යැයි විශ්වාසය පළ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සියලූ ආයතන සමඟ ඉතා ශක්තිමත් සබඳතාවයක් රජය විසින් පවත්වාගෙන යන බව කී ජනාධිපතිතුමා පසුගියදා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වූ අවස්ථාවේ එහි මහ ලේකම් බෑන් කී මූන් මහතා සමග පැවති හමුෙවිදී එම බැඳීම වඩාත් තහවුරු වූ බව ද සඳහන් කළේය.

2