21052024Tue
Last update:Wed, 08 May 2024

ස්වාධීන කෙමිෂන් නියෝජිත ලේඛනය ජනපතිට

vyvsthaa sbhaavඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන, ශ්‍රී ලංකා මානව හිමිකම්,රාජ්‍ය සේවා,ජාතික පොලිස් යන කොමිෂන් සභාවලට පත්කරන සාමාජිකයින්ගේ නම් ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකිරීමට කර තිබේ.

10 දෙනෙකුගෙන් සමන්විතව  අද රැස්වුණු ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම කොමිෂන් සභා සඳහා පත්කරන සාමාජිකයින්ගේ නම් පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණ ඇත.

කථානායක කාර්යාලය නිවේදනය කලේ ව්‍යවස්ථාදායක සභා රැස්වීම පෙ.ව 11.30 වන විට නිමාවූ  අතර එකඟතාවකට පැමිණි නම් ලැයිස්තුව ජනාධිපතිවරයාට යොමුකිරීමට තීරණය වුණු බවයි.

ඒ අනුව නොවැම්බර් මස 04 වන දින සවස 3.00 ට ව්‍යවස්ථාදායක සභාව යළි රැස්වීමට නියමිතයි.

එදිනට ස්වාධීන කොමිෂන් සභා ගැන අවසන් තීරණයක් ගනු ඇති බවයි කථානායක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.ෙ

පිහිටු වීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා නවයක් සඳහා අයදුම්පත් 441 ක් මේ වනවිට ලැබී තිබුණි.

අයදුම්පත් අතරින් සාමාජිකයින් 42 දෙනෙකු තෝරාගැනීමට නියමිතය.