21052024Tue
Last update:Wed, 08 May 2024

ප්‍රථම පොපි මල ජනපතිට පළඳවයි

president msgsgjgg format 1140x4991 1140x499 1140x499නොවැම්බර් මස 08 වැනිදාට යෙදෙන පොපි මල් දිනය වෙනුවෙන් ප්‍රථම පොපි මල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පැළැඳවීම අද (07) පෙරවරුෙවි ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බි්‍රගේඩියර් කේ.ඒ.ඥානවීර මහතා විසින් ගරු ජනාධිපතිතුමාට මෙම පොපි මල පළඳවනු ලැබීය.

දෙවන ලෝක යුද සමයේ යුද භටයෙකු වූ එච්.ජී.පී. ජයසේකර මහතා විසින් රචිත “How Japan Bomb Tiny Ceylon” ග්‍රන්තය ඒ මහතා විසින් ගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් රියර් අද්මිරාල් එස්.සමරතුංග, භාණ්ඩාගාරික කර්නල් එම්.අමරකෝන්, උප සභාපතිවරුන් වන කර්නල් එස්.ගනේගොඩ, වික්ටර් ජෙයරාජ් යන මහත්වරුන් එක්විය.