17052024Fri
Last update:Wed, 08 May 2024

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ලබාදිය හැකි සහය පිළිබඳව ජනපති සමග සාකච්ඡා

president msgsgjgg format 1140x4991 1140x499 1140x499එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම අතරතුර බැන්කීමූන් මහතා හමුවී සිදුකළ සාකච්ඡා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පැවති සබදතා තවදුරටත් ශක්තිමත් වූ බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීන් සමග පැවති හමුවේදි ජනාධිපතිතුමන් මෙම අදහස් පළ කළේය.

මෙම සාකච්ඡාෙවිදී මෙරට පානීය ජල ව්‍යාපෘති සදහා අවශ්‍ය පහසුකම් පිළිබදව ද සාකච්ඡා කෙරුණු අතර පානීය ජල ගැටලූ වලදී ප්‍රධාන වශයෙන් දුප්පත් ජනතාවට මුල්තැන ලබාදී කටයුතු කරන බවත් ජනාධිපතිතුමා සදහන් කළේය.

එමෙන්ම මෙරට පවතින පානීය ජලය, කෘෂී කාර්මික, සෞඛ්‍ය ඇතුලූ විවිධ අංශ සඳහා අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් නිලධාරීන් විසින් ජනාධිපතිතුමන්ව දැනුවත් කරනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පසුගිය වසර ගණනාවක් පුරා මෙරට සංවර්ධනයට ලබාදුන් සහය සිහිපත් කළ ජනාධිපතිතුමා ඉදිරියටත් එම සහය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උදය සෙනවිරත්න, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක, යන මහත්වරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් සහභාගී විය.