17052024Fri
Last update:Wed, 08 May 2024

‘ජපානය ලංකාවේ සමීපම මිතුරෙක්’

B37A47021එක්සත්  ජාතීන්ගේ  සංවිධානයේ  ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රි  ලංකාව සම්බන්ධයෙන්  ඉදිරිපත්  කළ යෝජනාවට  දේශීය යාන්ත්‍රණයකින් ප්‍රතිචාර  දැක්වීම සඳහා  ශ්‍රි  ලංකා රජයට  උපරිම සහාය දෙන බව ජපාන විදේශ  අමාත්‍ය  ෆොමියෝ කිෂිඩා  මහතා  අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතාට  අද (05) සහතික විය.

කලක්  තිස්සේ  බිඳ වැටුණූ  දේශිය සහ ජාත්‍යන්තර  විශ්වාසය යළි  ගොඩනගා ගැනිම සඳහා  රජය ගන්නා  උත්සහය දැඩි ප්‍රශංසාවට  ලක් කළ ජපාන විදේශ  ඇමැති  නව යහපාලන ආණ්ඩුව අලුත්  රටක් බිහි කිරිමට  දරණ වෑයමට  ජපානය සමීපතම මිතුරෙකු  ආකාරයට  ළඟින්ම සිටිමින්  ශ්‍රි  ලංකාවට  ශක්තියක්  වන්නේ යයි ද අවධාරණයෙන් පැවසීය.

ජපානයේ  තෝකියෝ  අගනුවර දී  අග්‍රාමාත්‍ය  වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජාවේදී  ඔහු  කීවේය.

පස්දින නිල සංචාරය සඳහා  ජපානයට  පැමිණ සිටින වික්‍රමසිංහ මහතා ජපාන අගමැති  ෂින්සෝ  අබේ  මහතා  හමුවීමෙන්  අනතුරුව ජපාන අමාත්‍යවරුන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා ඇරැඹීය.

පෙර  දශකයේ  ආකාරයට  ශ්‍රි ලංකාව යම් පාර්ශවයන්ට  බරව කටයුතු  කිරිමෙන්  මිදී , නව ජාතික රජය බලයට  පත්වීමත්  සමඟ මැදහත් විදේශ  ප්‍රතිපත්තියට  පිවිසිම සම්බන්ධයෙන්  ජපාන විදේශ  කටයුතු  අමාත්‍යවරයා  වික්‍රමසිංහ මහතාට  ප්‍රසාදය පළ කර  සිටියේය.

කිෂිඩා  මහතා මෙසේද කියා සිටියේය.

“ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල්  වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නායකත්වයෙන්  යුත්  ශ්‍රි ලංකාවේ  නව ජාතික රජය අලුත්  රටක්  බිහි කිරිමට  දරණ වැයමට  ජපානයේ  පුර්ණ සහාය හිමි  වනවා. කලින්  දශකයේ  මෙන් යම් යම් පැතිවලට  බර  නොවි  මැදිහත්  විදේශ  ප්‍රතිපත්තියක් නව ජාතික රජය අනුගමනය කිරිම පිළීබඳව මා ප්‍රශංසා කරනවා.”

‘ඉදිරි දින කිහිපයේ  පවත්වන සාකච්ජාවලදී  ශ්‍රි  ලංකාව සහ ජපානය අතර වන සම්බන්ධතාවය වඩ  වඩාත්  ශක්තිමත්  කර  ගැනීමට  හැකි  වනු  ඇතැයි  යන්න මගේ  විශ්වාසයයි. ශ්‍රි  ලංකාවට  සංවර්ධනය තාක්ෂණය සහ දැනුම පදනම්  කරගත්  ආධාර  පිරිනැමීමට  ජපානය කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ.’

පසුගිය දශකයේ දී  දේශිය සහ ජාත්‍යන්තර  වශයෙන් බිඳ වැටී  තිබු විශ්වාසය යළී  ගොඩනංවා  ගැනීම සඳහා  වත්මන්  ජාතික රජය ගන්නා  උත්සහය අතිශය ප්‍රශංසනීයයි.අගමැතිතුමනි, ශ්‍රි  ලංකාව යළිත්  නැගිටවිමට  ඔබ ගන්නා  උත්සහයට  ජපන්  රජයෙත්, ජපන්  ජනතාවගේත් පුර්ණ සහාය ලැබෙන බව අමතක කරන්න එපා.

එක්සත්  ජාතින්ගේ  ජිනිවාහි මානව හිමිකම්  කමිටුව ශ්‍රි ලංකාව සම්බන්යෙන්  ඉදිරිපත් කෙරුණූ වාර්තාවට  අදාළව දේශිය යාන්ත්‍රණයක්  ඔස්සේ  ක්‍රියා කරන ඔබ රජයට  ජපානයේ  උපරිම සහාය හිමිවනවා. ඒ සම්බන්ධයෙන්  ජපානය කෙරෙහි  සම්පුර්ණ විශ්වාසය තබන්න.

රාජ්‍ය  සහ  පෞද්ගලික අංශයේ  ආයෝජන සඳහා ශ්‍රි  ලංකාව තුළ සුභවාදි  පරිසරයක්  ඇති  කිරිමට  වත්මන්  ජාතික රජය ගන්නා  පියවර  සම්බන්ධයෙන්  අප නිරතුරුවම අවදානයෙන් සිටිනවා. යළී නැගි  සිටිමට  ඔබගේ  රටට  ජපානය සමීපතම මිතුරෙකු  ලෙස ළඟ සිටිමින් අත දෙනවා  යයි ද ජපාන විදේශ කටයුතු  අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතා හමුවේ දී අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

නිදහස ලබා ගැනිමෙන්  පසුව ශ්‍රි  ලංකාව සමඟ මුලින්ම සම්බන්ධතා  පැවැත්වු  රටවල් 5 වන්නේ ඉන්දියාව,පකිස්ථානය,බුරුමය (මියන්මාරය), තායිලන්තය සහ ජපානයයි.

ජපානය සහ ශ්‍රි ලංකාව අතර  සම්බන්ධතාවය ඇති කිරිමට  ජේ.ආර්.ජයවර්ධන මහතා  මුලික පදනම දැමුවා. පසුව දෙරටේ නායකයින්  ඒ තත්ත්වය ඉදිරියට  පවත්වා ගෙන ගියා.

දශක හයකට  පසුව ශ්‍රි  ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු  වී  මේ වන විට ජාතික ආණ්ඩුවක්  පිහිටුවා  තිබෙනවා. ආසියා  - ශාන්තිකර  කලාපයේ  සාමය ආරක්ෂා  කිරිමට  ජපන් රජයේ  භුමිකාව අතිශයෙන්  වැදගත්  වනවා.

එක්සත්  ජාතින්ගේ  සංවිධානයේ  ආරක්ෂක මණ්ඩලයේ  ආසියා  කලාපිය නියෝජනය සඳහා  ජපානය ඉතාම සුදුසු  බව අප හැගීමයි. ඒ සඳහා  ජපානයට  අවශ්‍ය  ඕනෑම සහයෝගයක් දිමට  ශ්‍රි  ලංකාව සුදානම්  බව මා  විශේෂයෙන්ම සඳහන්  කරනවා’ මුදල්  අමාත්‍ය  රවී  කරුණානායක, තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා කටයුතු  අමාත්‍ය  සුසිල්  ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය  ලේකම්  සමන්  ඒකනායක, ජපානයේ  ශ්‍රි  ලංකා  නව තානාපති  මහාචාර්ය දම්මික ගංගනාත්  දිසානායක, අග්‍රාමාත්‍ය  අතිරේක ලේකම්  සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය  ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය මොන්ටි  කාසිම්  මහත්වරු  ද එක් වුහ.

  B37A4675[1] B37A4686[1]